Wednesday, February 26, 2025

General line - 0115112241

යල කන්නයේ පොහොර සහනාධාරය ලෙස රුපියල් මිලියන 4,263ක් ගෙවා අවසන්



යල කන්නයේ පොහොර සහනාධාර මුදල් වශයෙන් මේ වනවිට රුපියල් මිලියන 4,263ක් ගෙවා අවසන් කර ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

ගොවීන් තුන් ලක්ෂ 83,260 දෙනෙකුගේ ගිණුම්වලට මෙම මුදල් බැර කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ.

2024 යල කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය පොහොර මිල දී ගැනීමට ලබා දෙන මුල්‍යමය සහනාධාරයක් වශයෙන් හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් බැගින් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව  මෙවර යල කන්නයේ දී වී වගාව සඳහා රුපියල් මිලියන 7,500ක මුදලක් වැය වෙතැයි ගණන් බලා තිබෙනවා.

මෙවර යල කන්නයේ දී හෙක්ටයාර් ලක්ෂ 05ක වී වගා කිරීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ එම් එච් එල් අබේරත්න පැවසුවේ පසුගිය සතියේ සිකුරාදා දිනය වන විට  ගොවි ගිණුම්වලට රුපියල් මිලියන 4,263ක් යොමු කර ඇති බවයි.