2004 වසරේ මෙරටට ගෙන්වන ලද සන්නිවේදන උපකරණ තොගයක් නිදහස් කර ගැනීමට ක්‍රියාකළ හිටපු එල් ටී ටී ඊ සාමාජිකයකු පිළිබඳ තොරතුරු වසන් කළේ යැයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටි ශ්‍රී ලංකා රේගුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන කන්දයියා යෝගනාදන් නමැත්තා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
එම තීන්දුව ලබා දුන්නේ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින්.
2004 වසරේ මැයි 01 වනදා සහ 2005 වසරේ අප්‍රේල් මස 30 වනදා දක්වා කාල සීමාව තුළ මෙරටට ගෙන්වන ලද සන්නිවේදන උපකරණ තොගයක් මුදා හැරීමට ක්‍රියා කළ හිටපු එල් ටී ටී ඊ සාමාජිකයකු වන කදිරගාමනාදන් මහින්දන් නමැත්තා පිළිබඳව තොරතුරු, ආරක්ෂක අංශවල සැපයීම වසන් කළේ යැයි චෝදනා කරමින් විත්තිකාර රේගු නිලධාරියාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.
මෙම නඩුවේ විත්තිකරු විසින් පොලීසියට ලබාදුන් පාපොච්චාරණය ස්වේච්ඡාවෙන් සිදු කළ එකක් නොවන බවට අභියාචනාධිකරණය විසින් තීන්දු කර තිබුණා.
ඒ අනුව විත්තිකරුට අදාළ චෝදනා ස්වාධීන සාක්ෂි වලින් ඔප්පු වී නොමැති බව තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම විත්තිකරු නිදහස් කොට නිදහස් කිරීමටද නියෝග කළා.