Thursday, February 27, 2025

General line - 0115112241

රට බංකොලොත් භාවයෙන් මුදාගත් ජනපතිට රවීගේන් පැසසුම්.



ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ ණය පහසුකමේ තෙවැනි වැනි වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන 335 නිදහස් කිරීමට එම අරමුදල තීරණය කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මුල්‍ය විනය සහ කැප වීම මත බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ  විශේෂ "Twitter" පණිවිඩයක් නිකුත් කරමින් .

තවද  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ රටක් ලෙස ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් සහ දීප්තිමත් අනාගතයක් කරා වේගයෙන් ගමන් කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ ජාතික මහා ලේකම් රවී කරුණානායක පෙන්වාදෙනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තෙවැනි වාරිකය මෙසේ අනුමත වීම ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘත්තිය සඳහා අතිශය වැදගත් සහ තීරණාත්මක වන අතර මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුභ පැතුම් එක් කර සිටින බව ද රවී කරුණානායක වැඩි දුරටත් පවසා සිටියා.