Thursday, February 27, 2025

General line - 0115112241

මූල්‍ය අරමුදලෙන් කොන්දේසි නැහැ - රජයෙන් යළි ප්‍රකාශයක්

එන් ඒ ඩබ් නිරෝෂන්/



ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට බලහත්කාරයෙන් කිසිදු කොන්දේසියක් පනවා නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

නැවත කඩා නොවැටෙන ආර්ථිකයක් වෙත ගමන් කරන මාර්ගය පමණක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පෙන්වාදී ඇති බවයි අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.


එහිදී මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්නයකට ද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මෙහිදී පිළිතුරු ලබාදුන්නා.


ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති මාස 48ක් සඳහා ක්‍රියාත්මක විස්තීර්ණ ණය පහසුකමට අදාළ දෙවන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ඊයේ සිය අනුමැතිය ලබා දුන්නා.

ඒ අනුව තෙවන ණය වාරිකය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 336ක පමණ මුදලක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබෙනවා.