Wednesday, February 26, 2025

General line - 0115112241

තාඹුගල අධිකරණයෙන් කළ ඉල්ලිම ලබන 18 වනදාට කල්යයි

උදය කුමාර



රුපියල් කෝටි 07කට ආසන්න මුදල් සාවද්‍ය පරිහරණය කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවකු වශයෙන් නම් කර සිටින ව්‍යාපාරික විරංජිත් තාඹුගල විසින් රහස්‍ය ප්‍රකාශයක් සිදු කිරීමට සූදානම් බවට කර තිබෙන ඉල්ලීම ලබන 18 වනදා සිදු කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

ඒ, එම පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

ඒ අනුව තමන්ට  මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ රහස්‍ය ප්‍රකාශයක් සිදු කිරීමට අවශ්‍ය බවට සැකකරු විසින් සිදුකර තිබෙන ඉල්ලීම මීළඟ නඩු දිනයේ ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය එහිදී නියම කළේ.