ජනාධිපතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වනවිට බොහෝ පාර්ශවවල අවදානය යොමුවී තිබෙනවා.
ගාල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඔක්තෝම්බර් මස 05වනදා ජනාධිපතිවරණය පවත්වන බවයි.
ඒ අනුව ජනතාව මෙවර ජනාධිපතිවරණයේදී බුද්ධිමත්ව සිතා සිය ඡන්දය භාවිත කළ යුතු බවද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු එහිදී වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර ජනාධිපතිවරණයට ඇති සූදානම සම්බන්ධයෙන් නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක අදහස් පළකළා.
නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගය නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.