ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම මේ වන විට අවසන් අදියරේ පසුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
එය මෙම වසර අවසානයේ අවසන් කිරීමට බලාපොරොත්තු වන බැවින් ඒ හරහා ආර්ථිකයේ නව වර්ධනයක් අපේක්ෂා කළ හැකි බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර ඇති ඇතැම් කොන්දේසි ජනතාවට හානිදායක කොන්දේසි බවත් ඒවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ජනතාවට සහන සැලසිය හැකි ක්‍රමවේදයක් අනුව කටයුතු කළ යුතු බවයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් පවසන්නේ.