දන්ත වෛද්‍ය උපාධිධාරීන් 85 දෙනෙකුට සීමාවාසික දන්ත පුහුණු පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද සිදු කෙරුණා.
ඒ, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් පවුල් සෞඛ්‍ය කාර්යංශ ශ්‍රවණාගාරයේදීයි.
මෙම වෛද්‍ය උපාධිධාරීන් මෙරට හා විදේශීය විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨයන්හි උපාධි අධ්‍යාපනය හැදෑරුවන් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.
එම පිරිස දිවයින පුරා පිහිටි රජයේ ප්‍රධාන රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් සහ ජ්‍යේෂ්ඨ වෛද්‍යවරුන්ගේ පුර්ණ අධීක්ෂණය යටතේ වසරක කාලයක් පුහුණුව ලැබීමට නියමිතයි.
සීමාවාසික පුහුණුව සාර්ථකව නිමකරන නිලධාරීන් දන්ත වෛද්‍යවරුන් ලෙස වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගත යුතු අතර, මෙම පුහුණුලාභීන් සඳහා මාසිකව රුපියල් 66,725ක සීමාවාසික පුහුණු දීමනාවක් ලබා දෙන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ.