Tuesday, April 1, 2025

General line - 0115112241

ඉන්දියාව මියන්මාරයට ශෝකය පළ කරයි - ටොන් 40 ක ආධාරත් යවයි



ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මියන්මාර හමුදා ජුන්ටාවේ නායක Min Aung Hlaing සමග දුරකතන සාකච්ඡාවක නිරත වී තිබේ.

එහිදී අග්‍රාමාත්‍යවරයා මියන්මාරයට බලපෑ භූමිකම්පාවෙන් ජීවිත අහිමි වීම පිළිබඳව ශෝකය ප්‍රකාශ කළේය. 

මෙම දුෂ්කර අවස්ථාවේදී ඉන්දියාව මියන්මාර ජනතාව සමඟ සහයෝගයෙන් නැගී සිටීමට සුදානම් බව ද අගමැති මෝදි පවසා තිබේ.

මියන්මාර වැසියන්ට සහන සැලසීම සඳහාම ඉන්දියාව ආරම්භ කළ ''බ්‍රහ්ම'' මෙහෙයුමේ කොටසක් ලෙස ආපදා සහන ද්‍රව්‍ය, මානුෂීය ආධාර සහ සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් විපතට පත් ප්‍රදේශවලට කඩිනමින් යවමින් සිටින බව ද ඔහු පැවසීය.

මියන්මාරයට පළමුව සහනාධාර යොමු කර තිබූ රට වූයේ ද ඉන්දියාව.

එහි පළමු අදියර ලෙස ටොන් 15 ක ආධාර ඉකුත් සෙනසුරාදා ලබා දී තිබිණි.

ඊට අමතරව ඉන්දීය නාවික හමුදාවට අයත් INS Satpura සහ INS Savitri යන නෞකා ටොන් ගණනක ආධාර සහිතව මියන්මාරයේ Yangon වරාය වෙත රැගෙන ගිය බව විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් පැවසීය. 

එම නෞකාවලින් ටොන් 40 ක මානුෂීය ආධාර රැගෙන ගිය බව ඔහු පවසා තිබේ.