අමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවාන් නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබේ.
ඒ ජුනි 17 - 18 දිනවලදී ඉන්දියාවේ පැවැත්වෙන ඉන්දු - අමෙරිකානු වාර්ෂික සමාලෝචන රැස්වීමට සහභාගි වීම සඳහායි.
සුලිවාන්ගේ සංචාරය දෙරට අතර දැනටමත් පවතින ශක්තිමත් හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරන අතර වඩාත් සමෘද්ධිමත් ඉන්දු-පැසිෆික් කලාපයක් නිර්මාණය කරන බව ධවල මන්දිරය අවධාරණය කර තිබේ.
ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී එහි ජාතික ආරක්ෂක සන්නිවේදන උපදේශක ජෝන් කර්බි පැවසුවේ ඉන්දියාව සහ අමෙරිකාව පැරණිතම සහ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දෙක බවයි.
රටවල් ද්විත්වයම මිත්‍රත්වයේ අද්විතීය බැඳීමක් බෙදාහදා ගනිමින් සිටින බව ද ඔහු පවසා ඇත.
ජාතීන් දෙක අතර සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර පුළුල් කිරීම ජේක් සුලිවාන්ගේ සංචාරයේ අරමුණ ඔහු තවදුරටත් අවධාරණය කර තිබේ.
එමෙන්ම සුලිවාන් ඔහුගේ ඉන්දීය සංචාරයේදී, රටවල් ද්විත්වය අතර සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර පුළුල් කිරීම සඳහා ඉන්දියානු රජයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් සහ කර්මාන්ත අංශයේ ප්‍රධානීන් හමුවන බව ද ධවල මන්දිර ප්‍රකාශකයා පවසා තිබේ