2024 වර්ෂය අවසන් වන විට පාතාලය සහ මත්ද්‍රව්‍ය ස්ථිර වශයෙන්ම අවසන් කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.
ඒ සඳහා මහජනතාවට අපරාධ බියෙන් තොර සමාජයක් බිහි කිරීම පොලිසියේ වගකීම බවයි ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් බලගැන්වීමේ වැඩමුළුවට එක්වෙමින් පොලිස්පතිවරයා පැවසුවේ.
එම අවස්ථාවට එක් වූ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසුවේ යුක්තිය මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසු සෑම ප්‍රදේශයකම සැලකිය යුතු මට්ටමේ අපරාධ සහ මත්ද්‍රව්‍ය අඩුවීමක් දක්නට ලැබෙන බවයි.