Tuesday, March 4, 2025

General line - 0115112241

රජයේ වෘත්තීය සමිති 200කට වැඩි සංඛ්‍යාවක් අද සහ හෙට ලෙඩ වෙයි



වෘත්තීය සමිති 200කට අධික සංඛ්‍යාවක සාමාජිකයින් අසනීප නිවාඩු වාර්තා කරමින් අද සහ හෙට දිනයේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

එහි කැඳවුම්කරු චන්දන සූරියආරච්චි පැවසුවේ රුපියල් 25,000ක් දක්වා ඉහළ දැමූ රජයේ විධායක ශ්‍රේණි නිලධාරින්ගේ දීමනාව සිය සාමාජිකයන්ට ලබාදෙන ලෙසට රජයට බල කරමින් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි. 


ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න පැවසුවේ එම වෘත්තීය ක්‍රියාමාර්ගයට සියලුම ග්‍රාම නිලධාරින් ද එක්වන බවයි. 


කෙසේවෙතත් සිය සාමාජිකයින් එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත නොවන බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාය පැවසුවේ. 


සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස් බී මැදිවත්ත පවසන්නේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට තම සංගමය ද එක් නොවන බවයි.


මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් තැපැල් වෘත්තීය සමිති මේවන විටත් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.

ඒ අනුව සිය වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක් ක්‍රියාත්මක බවයි තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ.