ඉතා කෙටි කලක් තුළ සියයට 11 ඉක්මවූ රාජ්‍ය ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය cපවසනවා.
මෙතෙක් කිසිදු සැලකිල්ලකට භාජනය නොවූ ක්ෂේත්‍ර 14 ක් අනිවාර්යයෙන්ම බදු ගෙවීම සඳහා යොමුකිරීම ද එලෙස රාජ්‍ය ආදායම ඉහළ නැංවීමට උපකාරී වූ බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
උපයා ඇති ආදායම නිවැරදිව ප්‍රකාශ නොකරන පෞද්ගලික ආයතන හඳුනාගැනීම සඳහා මේවන විටත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.
ජනතාව මත පැටවෙන වක්‍ර බදු ප්‍රමාණය අඩුකිරීම සඳහා එවැනි ක්‍රියාමාර්ග ගන්නා බවයි රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් පැවසුවේ.