අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද තීන්දු කළා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.
ඒ අනුව එම සැකකරුවන් සැකකරුවන් ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
මෙහිදී මෙම සැකකරුවන් විසින් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන මුදල් ද අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
මාර්ගගත මුදල් ගනුදෙනුවකට අදාළ සිද්ධියකට සම්බන්ධ සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සඳහා රුපියල් එක් ලක්ෂ 54,200ක අල්ලසක් ලබාගත්තේ යැයි සැකපිට මෙම සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.