අතුරුගිරියේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 07 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා
ඒ අතර ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුවන දුලාන් සංජුල නමැත්තාද සිටින බව පොලිසිය පැවසුවේ.
තවද අත්අඩංගුවට ගත් පිරිස අතර වෙඩික්කරුවන්ට ප්‍රවාහන පහසුකම් ලබාදුන් පුද්ගලයින් සහ ඝාතනයට ආධාර අනුබල දුන් පුද්ගලයන් වන බවයි පොලිසිය පවසන්නේ.
මෙම සැකකරුවන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුනා
වෙඩි තැබීම සදහා මෝටර් රථයකින් පැමිණ තිබූ අතර එම මෝටර් රථය කඩුවෙල කොරතොට ප්‍රදේශයේ දමා මොවුන් පසුව වෑන් රථයකින් පලාගොස් තිබුන අතර එම වැන් රථයද කළුතර - බුලත්සිංහල -දෙල්මැල්ල ප්‍රදේශයේ තිබියදී පොලිසිය ඊයේ රාත්‍රියේ සොයා ගෙන තිබුනා.
කෙසේ වෙතත් එම වැන් රථයෙන් බැස වෙනත් මෝටර් රථයකින් පලා ගොස් ඇති අතර එම සියලූම වාහනවල අංක තහඩු ව්‍යාජ ඒවා බව සිදු කල විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා..
ව්‍යාපාරිකයකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඊයේ (08) උදෑසන අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් පුද්ගලයෙකු හොමහම මුලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වී තිබුනා.
එම අවස්ථාවේ එහි සිටි ගායන ශිල්පිනී කේ. සුජීවා සහ ක්ලබ් වසන්තගේ බිරිඳ, තවත් කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණි.