Tuesday, March 4, 2025

General line - 0115112241

ජනපති ධුර කාලය අවුරුදු 05යි - සැක දුරු කරන්න ව්‍යවස්ථාවත් සංශෝධනය කරයි



ජනාධිපති ධුර කාලය සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ පවතින අනනුකූලතාවයන් සහ සැක දුරු කිරීම සඳහා “ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය පනත් කෙටුම්පතක්” සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව එහිදී සිදු වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) ව්‍යවස්ථාව සංශෝධනය කිරීමයි. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(02), 62(2) සහ 83(ආ) යන ව්‍යවස්ථාවන් හි ජනාධිපතිවරයාගේ ධුර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය සම්බන්ධයෙන් අනනුකූලතාවක් පවතින බව නිරික්ෂණය වී ඇති බවයි රජයේ මතය වී ඇත්තේ.

ඒ අනුව “සාවුරුද්දක් ඉක්මවා” යන වචනය වෙුනවෙන් “පස් අවුරුද්දක් ඉක්මවා” යන වචනය ආදේශ කරනු ඇති.

එහි අරමුණ වන්නේ ජනාධිපතිවරයාගේ ධුර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය සම්බන්ධයෙන් පිළිබඳ වන සැකය මඟ හරවා ගැනීම සහ කවර හෝ අනනුකූලතාවයක් ඉවත් කිරීමයි.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ අදාළ යෝජනාවටයි කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.