Saturday, April 26, 2025

General line - 0115112241

තැපැල් ඡන්දය භාවිත කිරීමේ අඩුවක්



පළාත් පාලන මැතිවරණයට අදාළව ගතවූ දින දෙක තුළදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අඩුවක් දක්නට ලැබෙන බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනය පවසනවා. 

කෙසේවෙතත් එම දින දෙක තුළ සාමකාමි අයුරින් ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සිදුවූ බවයි එම අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ මංජුල ගජනායක මහතා පැවසුවේ. 


මෙතෙක් ඡන්දය ප්‍රකාශ නොකළ රාජ්‍ය නිලධාරින්ට ලබන 28 සහ 29 යන දෙදින තුළ ඡන්දය ප්‍රකාශ කරන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ.