Tuesday, March 4, 2025

General line - 0115112241

ව්‍යාජ රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කළ දෙදෙනෙකු මහනුවරදී අත්අඩංගුවට



ව්‍යාජ රූපලාවන්‍ය නිෂ්පාදන විකිණීම හා ප්‍රදර්ශනය කළ සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මහනුවර දළදා වීදියේ සිදු කළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 42 හා 60 යන වයස්වල පසුවන මඩවල හා මහනුවර ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරනවා.