Wednesday, March 5, 2025

General line - 0115112241

ගොනුකළ පෙත්සම නිසා ජනපතිවරණය කල් යයිද? මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානයක් කතා කරයි



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මුල් කර ගනිමින් ඉදිරියේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොණුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම, ජනාධිපතිවරණය ප්‍රමාදවීමට හේතුවක් නොවනු ඇති බව මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන පවසනවා.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ එම පෙත්සම හරහා  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය අවලංගුවීමක් සිදුනොවුනු ඇති බවයි.

19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමත විචාරණයකට යොමු කර ඉන් අනුමැතිය ලබාගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසට ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොණුකර තිබුණා.

ඒ, නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින්.

මැතිවරණ පිළිබද ජනතාව තුළ ඇති විශ්වාසය කිසිවෙකු හෝ කඩ නොකළ යුතු බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් පැවසුවේ