Wednesday, March 5, 2025

General line - 0115112241

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වාසිය ජනතාවට ලබාදීමට රජයේ අවදානය



ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වාසිය ඉදිරියේදී ජනතාවට ලබාදීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයකට මුල් අදියරේදී මෙම සහන ලබාදීමට අපේක්ෂා කරන බවයි අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.

ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සමාජ, ආර්ථික, සෞඛ්‍ය නව වැඩපිළිවෙලක් මේ වනවිටත් රට තුළ ක්‍රියාත්මක බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩිදුරටත් පැවසුවේ.