Wednesday, March 5, 2025

General line - 0115112241

ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කෙරේ



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත්ව සම්මත කර නොමැති නිසා එය ජනමත විචාරණයකින් අනුමත වන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මීට නොබෝ වේලාවකට පෙර නියම කළා.

රුපියල් ලක්ෂ 05 ක නඩු ගාස්තුවට යටත්ව එම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසයි  ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ.

අදාළ නඩු ගාස්තු ජුලි මස 31 වනදාට පෙර ගෙවිය යුතු බවත් අදාල පෙත්සම ඉදිරිපත් කළ නීතිඥ අරුණ ලක්සිරිට නියෝග කෙරුණා.

අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කළා.