පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට ගෙවීමට නියම වූ රුපියල් මිලියන සියයක වන්දියෙන් රුපියල් මිලියන 58ක් ගෙවා අවසන් කර ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නා.
ඉතිරි මුදල ගෙවීම සඳහා වසර හයක කාලයක් ලබා දෙන ලෙසයි හිටපු ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයෙන් එම ඉල්ලීම සිදුකර ඇති බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.
මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හේතුවෙන වන්දි ගෙවීමට නියම වී සිටින පිරිස අගෝස්තු මස 30 වනදාට පෙර එම මුදල ගෙවා අවසන් කළ යුතු වනවා.
ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ,හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන තමන්ට ගෙවීමට නියමිත වන්දි මුදල් එම දිනයට පෙර ගෙවිය යුතු බවටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ.
එදිනට පෙර අදාළ මුදල් ගෙවා අවසන් නොකරන්නේ නම් එම පුද්ගලයින්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ ලබන සැප්තැම්බර් මස 20 වනදාට පෙර චෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ල විසින් නීතිපතිවරයාට නියෝග කළා.