Thursday, March 6, 2025

General line - 0115112241

කුරුඳු, තේ හා පොල් පොහොර වර්ග 05ක මිල රුපියල් 2,000කින් පහළට



කුරුඳු, තේ හා පොල් යන වැවිලි බෝග සඳහා භාවිතා කරන පොහොර වර්ග රැසක මිල රුපියල් 1500 සිට රුපියල් 2000 දක්වා අඩු කිරීමට තිරණය කරයි.

ඒ අනුව රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන පොහොර වර්ග 5ක මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි අද දින සිට අඩු වනු ඇති. 

ඒ අනුව රුපියල් 9,000ක් වන ඒ පී එම් කිලෝග්‍රෑම් 50 පොහොර බෑගයක මිල රුපියල් 7,200ක් දක්වා අඩු කිරීමට නියමිතයි.

රුපියල් 8,000ක් වන වයි පී එම් කිලෝග්‍රෑම් 50 පොහොර බෑගයක මිල පහළ යන්නේ රුපියල් 6,200ක් දක්වායි. කුරුඳු සඳහා භාවිත කරන යූරියා කිලෝග්‍රෑම් 50 පොහොර බෑගයක මිල රුපියල් 9,750 සිට රුපියල් 7,950ක් දක්වා අඩු වනු ඇති.

කුරුඳු, තේ සහ පොල් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා පොහොර භාවිතය ඉහළ නැංවීම මෙහි අරමුණයි.

රාජ්‍ය පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා සඳහන් කළේ මේ හැර රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන සෑම පොහෙර වර්ගයකම මිල මෙටි්‍රක් ටොන් 01ක් රුපියල් 5,000කින් අඩු කිරීමට ද කටයුතු යොදා බවයි.