2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වීමට, ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ නායක, බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ කටුනායක ගුවන් තොටුපොළෙන් පැරිස් නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.
එළඹෙන 26 දින ප්‍රංශයේ පැරිස් නුවර දී ආරම්භ වන මෙම ඔලිම්පික් තරඟාවලියේ දී බැඩ්මින්ටන් ක්‍රීඩා ඉසව්ව සඳහා සහභාගී වන ළාබාලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන්නේ ද ශ්‍රී ලංකා ක්‍රීඩක විරේන් නෙත්තසිංහ වීම විශේෂත්වයක්.
විරේන් නෙත්තසිංහ, තම පුහුණුකරු මෙන්ම පියා ද වන රොෂාන් නෙත්තසිංහ සමග පැරිස් බලා පිටත්ව ගිය බවයි කටුනායක ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.