ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසමට බලය ලැබුණු දිනයේ සිට එය ප්‍රකාශයට පත් කිරීමට සතියක පමණ කාලයක් ගැනීම ගැටළුවක් නොවන බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයෙකු වන මහින්ද දේශප්‍රිය පවසනවා.
නෙත් නිවුස් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ජූලි මස 24, 25 හෝ ඊට ආසන්න දිනයක ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම සිදුවනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.
ජනාධිපතිවරණය පැවැත්වීමට ආසන්නයේම ඇති පහසුම දිනය කුමක්ද?
පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම සඳහා ජූලි මාසය අවසානය වන තෙක් මැතිවරුණ කොමිසම කල් ගනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවයි.
මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක පැවසුවේ ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීම ප්‍රකාශයට පත්කිරීමේ දිනය මෙම මාසය අවසන් වීමට පෙර දැනුම්දෙන බවයි.