Thursday, March 6, 2025

General line - 0115112241

 විෂ මත්ද්‍රව්‍ය වැටලීමේ දෙවන අදියර යටතේ තවත් වැටලීම් 717ක්



විෂ මත්ද්‍රව්‍ය වැටලීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුමේ දෙවන අදියර යටතේ ඊයේ දිනය තුළ මුළු වැටලීම් 717ක් සිදු කර තිබෙනවා.

එහිදී සැකකරුවන් 701 දෙනෙකු සහ සැකකාරියන් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ.

එම වැටලීම්වලට අදාළව සැකරුවන් 30 දෙනෙකු රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමටත්, සැකකරුවන් 08 දෙනෙකු වත්කම් විමර්ශනය සඳහා යොමු කිරීමටත්, සැකකරුවන් 55 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමටත් නියමිතයි.

මෙම මෙහෙයුමට අදාළව බස්නාහිර පළාත තුළ පමණක් වැටලීම් 434ක් සිදු කර තිබෙනවා.

හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා තොගයක්ද එම වැටලීම්වලට අදාළව අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පැවසුවේ.