Thursday, April 10, 2025

General line - 0115112241

නාමල්ට එරෙහිව බන්දුල ගුණවර්ධන පොලිසි යයි 



කිසිදු දැනුම් දීමකින් තොරව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ විසින් හෝමාගම පොහොට්ටු රැස්වීමක් සංවිධානය කිරීමට එරෙහිව බන්දුල ගුණවර්ධන විසින් හෝමාගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පැමිණිල්ලේ දක්වා ඇත්තේ නාමල් රාජපක්ෂ පක්ෂ විනය කඩකර ඇති බවයි.

මෙහිදී පොලිසිය පවසා ඇත්තේ එවැනි කරුණු සදහා පොලිසියට ක්‍රියාත්මක විය නොහැකි බවයි.


මේ පිලිබදව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගෙන් මේ පිලිබදව විමසූ විට ඔහු පැවසුවේ හිටපු පළාත් සභා මන්ත්‍රී ජනක වැලිවත්තගේ ආරාධනය පරිදි ඔහුගේ  නිවසට පැමිණි බවයි.

ඒ අනුව එහි තේ පැන් සංග්‍රහයකටද සහභාගී වූ බවත් පාක්ෂිකයින් රැසක් තමා හමුවීමට පැමිණි බවත් නාමල් රාජපක්ෂ පවසා සිටියා.

කෙසේ වෙතත්  බන්දුල ගුණවර්ධන පසුගිය කාලයේදීම නෙළුම් මාවතේ  පක්ෂ කාර්‍යාලයට හෝ පැමිණ නොමැති බව දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.