එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ ප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා ඊට අවශ්‍ය උපදෙස් ලබාගත හැකි බවයි.
වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සැල් පරික්‍ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක්ද ක්‍රියාවට නංවා ඇති බවයි ඔහු සඳහන් කළේ.
දන්සැල් පැවැත්වීමේදී එහි සංවිධායකවරු සිදු කරන වැරදි සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ කෙරුණා.
මේ අතර එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සැල් සඳහා පොදු උපදෙස් මාලාවක් ද මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය විසින් නිකුත් කර තිබෙනවා.
එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ සෞඛ්‍යාරක්ෂිත නොවන ලෙස ආහාර පාන ලබාදීමට කටයුතු කරන සියලු දන්සැල් අවලංගු කරන බවයි.