Friday, April 26, 2024

General line - 0115112241

සිකුරාදා ලංකාවටම පාස්පෝට් නැහැ




ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ  ප‍්‍රධාන කාර්යාලය එළඹෙන සිකුරාදා (26) දින වසා තැබෙනවා.

මහනුවර, මාතර සහ වව්නියාව යන ප‍්‍රාදේශීය කාර්යාලවලද එම දින සේවා සිදුනොවන බවයි ඔවුන් නිවේදනය කරන්නේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව බත්තරමුල්ලේ පිහිටි සුහුරුපාය නව ගොඩනැගිල්ලේ ස්ථාපිත කිරීම මීට හේතුවී තිබෙනවා.

ලබන සදුදා දිනයේද එහි සේවා සිදුවන්නේ සීමිතවයි. විදේශ ගමන් බලපත‍්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව එදිනද සිදු නොවන බව ආගමන විමගමන දෙපාර්තමේන්තුව කියාසිටියා.

 

FireShot Capture 377 - ආගමන හා විගමන දෙපාර්තමේන්තුව_ - http___www.immigration.gov.lk_web_index.php