Sunday, April 13, 2025

General line - 0115112241

නව දේශපාලන පරිවර්තනයක් නිර්මාණය කරන බවට අනුරගෙන් ප්‍රකාශයක්



රටට නව දේශපාලන පරිවර්ථනයක් අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

පසුගිය කාලයේ කාන්තාවන්ගේ නැගී සිටීම තුළින් ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ දේශපාලකයින්ගේ පරාජය ස්ථාවර වූ බවයි කොළඹ පැවති “ගැහැනු බලය එක මිටට, හෙට වෙනුවෙන් රට අනුරට” යන මැයෙන් සංවිධානය කර තිබූ සමුළුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කළේ.


දේශපාලන මැදිහත් වීමකින් තොරව සමාජ සුබසාදන වැඩපිළිවෙලක් කාන්තාවන්ට අවශ්‍ය බවයි එම සමුළුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරිණි අමරසූරිය පැවසුවේ.