Sunday, April 13, 2025

General line - 0115112241

රූකාන්ත සහ චන්ද්‍රලේඛා ඕස්ට්‍රේලියාවේ දී සම්මානයෙන් පිදුම් ලබයි



ප්‍රවීන ගායන ශිල්පී යුවලක් වන රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරාට ශ්‍රී ලාංකික කලාකරුවෙකුට ලැබෙන ඉහළම ගෞරව සම්මානය පුදකර තිබෙනවා.

ඒ, ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා පාර්ලිමේන්තුව විසින්.        

ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයට සහ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාවට දැක්වූ කැපී පෙනෙන දායකත්වය වෙනුවෙන් ඔවුන් දෙපළට එලෙස සම්මානය පුදකර තිබෙනවා.

මෙම විශේෂ උත්සවය එරට පාර්ලිමේන්තුවේදී සංවිධානය කර ඇත්තේ විපක්ෂ නායක ජෝන් පෙසුටෝ හා රිචඩ් වෙල්ඩ් විසින්.

එම උත්සවයට ව්‍යවස්ථාදායක සභාවේ විපක්ෂයේ නියෝජ්‍ය නායක ඉවාන් මුල්හොලන්ඩ් මන්ත්‍රීවරයාගේ ද සත්කාරකත්වය ලබාදී තිබෙනවා.