Tuesday, March 18, 2025

General line - 0115112241

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්



ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 12 දෙනා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එහිදී අධිකරණය නියෝග කළේ සැකකරුවන් ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු සැකකරුවන් අතර බස්නාහිර පළාත් හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා ද වනවා.