Wednesday, March 19, 2025

General line - 0115112241

දීර්ඝ කාලයක් හෙරොයින් ජාවාරම් කළ කාන්තාවක් ීඔත්‍ අත්අඩංගුවට



දීර්ඝ කාලයක සිට හෙරොයින් ජාවාරමේ යෙදුන කාන්තාවක් එම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

එම වැටලීමේදී අත්අඩංගුවට ගත් කාන්තාව සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 05යි මිලි ග්‍රෑම් 750ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් 25,000ක මුදලක්ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් කාන්තාව 37 හැවිරිදි ඔරුගොඩවත්ත, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකාරියක්. සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.