Wednesday, March 19, 2025

General line - 0115112241

ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ද අඩු කෙරේ



ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ද අඩු කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

මුදල් අමාත්‍යංශය සඳහන් කළේ සැප්තැම්බර් මස 06 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සඳහා පැවති සෙස් බද්ද රුපියලකින් අඩු කිරීමට පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව, කෘතිම ලෙස වර්ණ ගැන්වූ හෝ නොගැන්වූ සුදු සිමෙන්ති කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 5ක් ව පැවති සෙස් බද්ද රුපියල් 4ක් දක්වා අඩු කර තිබෙනවා.

කිලෝග්‍රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වලින් ආනයනය කරනු ලබන සිමෙන්ති සඳහා රුපියල් 8ක්ව පැවති සෙස් බද්ද රුපියල් 7 දක්වා අඩු කර ඇති බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.