Saturday, March 15, 2025

General line - 0115112241

නවසීලන්තයට එරෙහිව දිමුත් සහ චන්දිමාල්ගෙන් ටෙස්ට් අර්ධ ශතක



සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර එක් කඩුල්ලක් දැවී ලකුණු 132ක් රැස්කර ගෙන සිටියා.

දිමුත් කරුණාරත්න නොදැවී රැස්කර සිටින ලකුණු සංඛ්‍යාව 72ක්.

දිනේෂ් චන්දිමාල් ලකුණු 52ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.

පැතුම් නිස්සංක ලකුණු 02කට දැවී ගියා.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 305ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස සංචාරක නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී පළමු ඉනිම සඳහා ලකුණු 340ක් රැස් කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලකුණු 97ක් ඉදිරියෙන් පසුවනවා.