Friday, May 2, 2025

General line - 0115112241

ICC කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සදහා දින නියම වෙයි



ලබන වසරේ එංගලන්තයේදී පැවැත්වීමට නියමිත ICC කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙන දින වකවානු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් අද ප්‍රකාශයට පත් කළා. 

ඒ අනුව එම තරඟාවලියේ අවසන් මහා තරඟය ලබන වසරේ ජූනි මස 05 වනදා එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. 

තරඟාවලිය ආරම්භ වන්නේ ලබන වසරේ ජුනි 12වනදායි. 

දින 24ක් පුරා ක්‍රීඩාංගණ 07කදී පැවැත්වීමට නියමිත මෙම තරඟාවලියට ඇතුළත් සමස්ත තරඟ ගණන 33ක්. 

2026 ICC කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය සඳහා කණ්ඩායම් 12ක් තරඟවැදීමට නියමිතයි.