Tuesday, April 22, 2025

General line - 0115112241

“කූඹි කැලේ රන් සලකුණ” නමින් පොතක් DS විද්‍යාලයේදී එළිදැක්වෙයි



කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ නිර්මාතෘ විදුහල්පති ආර් අයි ටී අලස් මහතාගේ 91 වන ජන්ම දින සැමරුම වෙනුවෙන් විශේෂ උත්සවයක් එම විද්‍යාලයේදී පැවැත්වෙනවා.

එහිදී “කූඹි කැලේ රන් සලකුණ” නමින් පොතක් ද එළිදැක්වෙනවා. 

කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ ගණිත ගුරුවරියක් ලෙස වසර 14ක කාලයක් සේවය කළ ආචාර්ය ඉන්ද්‍රා පුෂ්පානි ජයවර්ධන මහත්මිය එම පොතෙහි කර්තෘ වනවා. ඩී එස් සේනානායක විද්‍යාලයේ ඉතිහාසය එම පොතෙහි දක්වා ඇති බවයි ඇය කියා සිටියේ.