Tuesday, April 22, 2025

General line - 0115112241

අති උතුම් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම ගැන අගරදගුරු මැල්කම් කාදිනල් හිමියන් ශෝකය පළකරයි



අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද අති උතුම් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන් ශෝක ප්‍රකාශක් නිකුත් කර තිබෙනවා 

එම ශෝක ප්‍රකාශයෙන් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්  සියලුම ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කරමින් සඳහන් කර සිටියේ ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙනුවෙන් මෙත් සිතින් සෙත්පැතීම් සිදුකරන ලෙසයි. 

එමෙන්ම කාදිනල් හිමියන් සියලුම පූජා ප්‍රසාදී වහන්සේලාගෙන් මෙන්ම සභාවේ අනෙකුත් නායකයින්ගෙන්ද ඉල්ලා සිටියේ ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ආත්මය වෙනුවෙන් අවශ්‍ය යාඥා කිරීම් සිදුකරන ලෙසටයි 

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තුළ ශ්‍රී ලංකාව පිළිබඳව තිබු ආදරය සහ ගෞරය සම්බන්ධයෙන් ද සිහිපත් කරමින් කාදිනල් හිමියන් පැවසුවේ පාස්කු ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ දී ද උන්වහන්සේ පාස්කු වින්දිතයින් පිළිබඳව දැඩි ලෙස ශෝකයටත් කම්පාවටත් පත්වෙමින් එම වින්දිතයින් වෙනුවෙන් යාඥා කළ බවයි