Wednesday, April 2, 2025

General line - 0115112241

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලට වැසි



උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක අද දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දකුණු සහ බස්නාහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

මන්නාරම සිට කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයකද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයකද උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකි බව දිවයින වටා වන මුහුද ප්‍රදේශ සඳහා නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙනවා.