Wednesday, April 16, 2025

General line - 0115112241

නිවෙස් බිඳ මුදල් හා දේපළ සොරකම් කළ සැකකරුවෙකු අත්අඩංගුවට



ජාඇල, මීගමුව, පුත්තලම, අනුරාධපුර, තවරක්කුලම හා කල්ලංචිය පොලිස් වසම්වල නිවෙස් බිඳ මුදල් හා දේපළ සොරකම් කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජා ඇල, මාකවිට ප්‍රදේශයේදී එම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

ඔහුට එරෙහිව වැලිසර, මීගමුව, මැදවච්චිය හා කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණ මගින් වරෙන්තු 12ක් නිකුත් කර තිබෙනවා.

සැකකරු පණ්ඩුකාපුර, ගෝනෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.