Tuesday, April 22, 2025

General line - 0115112241

සුදුසු පුද්ගලයින් පාර්ලිමේන්තුවට නොගියොත් වෙන දේ නීතීඥ නිමල් පුංචිහේවා කියයි



සුදුසු පුද්ගලයින් පාර්ලිමේන්තුවට තෝරාපත් කර නොහැරියහොත් පෙර පරිදි රට කඩා වැටීමට ලක්විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයෙකු වන නීතීඥ නිමල් පුංචිහේවා මහතා පවසනවා. 

ඒ අනුව තාවකාලික වරදාන, වරප්‍රසාද ගැන නොසිතා සුදුසු අපේක්ෂකයින් පාර්ලිමේන්තුවට පත් කිරීමට ඡන්දය භාවිත කරන්නැයි ඔහු ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කළා.

අපේක්ෂකයන්ගෙන් තාවකාලික වරදාන, වරප්‍රසාද ලබා ගැනීමෙන් ඡන්ද දායකයින්ට කිසිදු වාසියක් අත් නොවන බවද මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා වැඩිදුරටත් පැවසුවා.