Wednesday, April 23, 2025

General line - 0115112241

පොල් මිල ඉහළ යාමට ප්‍රධාන හේතු දෙකක් ගැන අනාවරණයක්



රිලවුන් සිදුකරන විනාශය සහ රසායනික පොහොර පොල් වගාව සඳහා නිසි ආකාරව නොයෙදීම පොල් මිල ඉහළ යාමට ප්‍රධාන හේතු වී ඇති බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ බී ගුණරත්න මහතා පවසනවා.

රිලවුන්ගේ හානිය නිසා වසරකට පොල් ගෙඩි මිලියන 100 ක් අහිමිවන බවයි ඔහු නෙත් නිවුස් වෙත කියා සිටියේ.


ඉදිරියේදී පොල් මිල තවදුරටත් ඉහළ යා හැකි බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.


පොල් නිෂ්පාදනය වැඩිකර පොල් අපනයනය දිරි ගැන්වීමට කටයුතු කළ යුතු බවද හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ බී ගුණරත්න මහතා වැඩිදුරටත් පැවසුවා.