Wednesday, April 23, 2025

General line - 0115112241

පාස්පෝට් ගන්න මෙම මස අවසන් වන තෙක් ටෝකන් ලබාදී අවසන් බව ඇමති විජිත කියයි



විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා මෙම මස 30 වනදා දක්වා ජනතාව වෙත අවශ්‍ය ටෝකන් පත් නිකුත් කර ඇති බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ලබන මස සිට ජනතාවට විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට නව ක්‍රමවේදයක් සකස් කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.


විපක්ෂයේ ඇතැම් දේශපාලන කණ්ඩායම් දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් රජයේ වැඩපිළි විවේචනය කළ ද බලයට පත් වූ සිය රජය කෙටි කාලයක් තුළදී ජනතාවට සහන රැසක් ලබාදීමට කටයුතු කළ බවද අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවා.