Tuesday, April 22, 2025

General line - 0115112241

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට



ගම්පහ, මිනුවන්ගොඩ මාර්ගයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගම්පහ පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි.

සැකකරු සන්තකයේ තිබී රුපියල් 5,000 ව්‍යාජ මුදල් නෝට්ටු 25 ක් සහ කොරියන් ව්‍යාජ මුදල් නෝට්ටු 60 ක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.