Tuesday, April 22, 2025

General line - 0115112241

සරම්ප රෝගය ගැන දිස්ත්‍රික්ක 12 ක ජනතාව දැනුවත් කිරීම ඇරඹෙයි



සරම්ප රෝගය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද ආරම්භ වුණා.

එම වැඩසටහන අද සිට ලබන 08 වනදා දක්වා තෝරාගත් දිස්ත්‍රික්ක 12 කදී ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ ප්‍රජා වෛද්‍ය, වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ.  


පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා කාලය තුළ සරම්ප රෝගීන් 1,100 ක් පමණ මෙරටින් වාර්තා වී ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.