Tuesday, April 22, 2025

General line - 0115112241

ගම්පහ ඔස්මන් ඝාතන තැතක් වැළකේ



ගම්පහ ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඔස්මන් ගුණසේකර හෙවත් ගම්පහ ඔස්මන් නැමැත්තා ඝාතනය කිරීමට දැරූ උත්සාහයක් ව්‍යර්ථ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය සමත් වී තිබෙනවා.

ඒ, අලුත්ගම ප්‍රදේශයේදී ඔ56 වර්ගයේ ගිනි අවියක් සහ මැගසිනයක් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු සෙබලෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟයි.

වැඩ තහනමට ලක්ව සිටි එම සෙබලාගේ මෝටර් රථයේ තිබී එම ඔ56 වර්ගයේ ගිනි අවිය සහ මැගසිනයක් සොයාගෙන තිබෙනවා. 

අදාළ සැකකරුගෙන් මේ වන විට රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීම් සිදු කරනවා.

සැකකරු, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන දැනට බන්ධනාගාර ගතව පසුවන  මාකිලංගමුවේ සංජීව හෙවත්, ගනේමුල්ලේ සංජීව නමැත්තාගේ සමීපතමයෙකු වන බවද අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම සැකකරු සන්තක තිබී සොයා ගත් ගිනි අවිය ගනේමුල්ලේ සංජීව නැමැත්තාගේ ගෝලයින් වන පැට්ටා මංජු සහ දිනේෂ් වසන්ත නැමැත්තන් විසින් අදාළ සැකකරු වෙත ලබා දී ඇති බවටයි පැවසෙන්නේ.

ඊට අමතරව එම ගිනි අවිය පැට්ටා මංජුගේ සහ දිනේෂ් වසන්තගේ උපදෙස් මත අවිස්සාවේල්ල ප්‍රදේශය පුද්ගලයෙකුට ලබාදීම සඳහා සූදානම් කර තිබෙනවා.

පසුව එම ගිනි අවිය භාවිතා කරමින් ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් වන ගුණසේකර හෙවත් ගම්පහ ඔස්මන් නැමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ බවද විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ. 

ගම්පහ ඔස්මන් නමැත්තා ඝාතනය කිරීමට ගනේමුල්ලේ සංජීව විසින් කලක සිට උත්සාහ දරා ඇතැයි ද වාර්තා වුණා.