Wednesday, April 23, 2025

General line - 0115112241

ජනපතිගේ රුව ඇතුළත් ව්‍යාජ නෝට්ටුවක් නිර්මාණය කළ සැකකරුවෙකු අත්අඩංගුවට



ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5,000 ක නෝට්ටුවක් ව්‍යාජව සකස් කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අතුරුගිරිය, කොරතොට, මහදෙනිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක අලෙවි නිලධාරියෙකු ලෙස සේවය කරන අයෙකු බවද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.