Wednesday, April 23, 2025

General line - 0115112241

කෘෂි රසායනික පැකට් තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට



දිවුලපිටිය, බල්ලපාන ප්‍රදේශයේදී කෘෂි රසායනික පැකට් 700ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, දිවුලපිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

පළිබෝධනාශක රෙජිස්ටාර්වරයාගේ අනුමැතිය නොමැතිව තීරුබදු රහිතව එම කෘෂි රසායනික පැකට් මෙරටට ගෙන්වා ඇති බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් බලංගොඩ හා පල්ලේබැද්ද ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.