Wednesday, April 23, 2025

General line - 0115112241

දේවාලයක කාමරයක් තුළ පුරාවස්තු සොයා කැණීම් කළ පුද්ගලයන් 13 දෙනෙකු අත්අඩංගුවට



දොම්පේ, උඩමාපිටිගම දේවාලයක කාමරයක් තුළ පුරාවස්තු සොයා කැණීම් කරමින් සිටි පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, දොම්පේ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

එහිදී සැකකරුවන් පැමිණි මොටර් රථයක්, වෑන් රථයක්, ත්‍රීරෝද රථ දෙකක්, යතුරුපැදියක්, කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙයියන්තුඩුව, සියඹලාපේ දකුණ, දෙල්ගොඩ, මල්වාන, ඉඹුල්ගොඩ, දොම්පේ, කෑගල්ල, හෝමාගම, කඩුවෙල, කිරිඳිවැල, අඹල්වල හා හංවැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්.

සිද්ධිය සම්බන්ධයෙන් දොම්පේ පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.