Friday, April 25, 2025

General line - 0115112241

මෙතෙක් ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්තා වී නොමැති බව පොලීසිය කියයි



මහමැතිවරණයට අදාළව සෑම දිස්ත්‍රික්කයකටම අවශ්‍ය පරිදි මේ වන විට ආරක්‍ෂාව ලබා දී තිබෙන බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ ගතවූ පැය කිහිපය තුළ කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් පොලීසිය වෙත වාර්තා වී නොමැති බවයි.

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි 64,000කට ආසන්න පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් සියලු ඡන්ද මධ්‍යස්ථානවලට අනියුක්ත කර ඇති බවද ඔහු පැවසුවා.